සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී සමාගමේ රුපියල් කෝටි 700ක අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෙලින්කෝ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලියා කොතලාවලට එම සිද්ධියට අදාළව ඇප නියම කිරීමට අභියාචනාධිකරණය අද (24දා) කටයුතු කළේය.
ඇයට රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපයිල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම විය. ඇයගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙසත් අධිකරණයේ අවසරයින් තොරව විදෙස් ගත වීම තහනම් බවත් අභියාචනාධිකරණ විනිසුරන් වන ඒ.ආර්.බී. දෙහිදෙනිය මහතා හා රෝහිණී මාරසිංහ මහත්මිය නියෝග කළෝය.