ගෝල්ඩන් කී නඩුවට අදාළව කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලියා කොතලාවල මහත්මිය ඇප මත නිදහස් කරන ලෙස විත්තිකාර පාර්ශ්වයෙන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද (23දා) ප්‍රතික්ෂේප කළේය.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඇයව අප්‍රෙල් 27දා තෙක් රිමන්ඩ් කරන ලෙසත් නියෝග කළේය. සිසිලියා කොතලාවල මහත්මිය අධිකරණයට පැමිණියේ රෝද පුටුවකිනි.