කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ බිරිඳවන සිසිලියා කොතලාවගල මහත්මිය වෙනත් රෝහලක වෙනත් වාට්ටුවකට මාරු කළ හැකි බව අදාළ පෞද්ගලික රෝහල විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට වාර්තාවක් මගින් දන්වා ඇත.
මූල්‍ය ආයතනයක තැන්පත් කළ රුපියල් කෝටි ගණනනක් වන මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිසිලියා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර පසුව අසනීපත තත්ත්වයක් හේතුවෙන් ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවැසුවේ තම සේවාදායිකාව කොළඹ ජාතික රෝහලට ඉදරිපත් කිරිම පිළිබඳව විරුද්ධත්වයක් නොමැති බවයි.
ඒ පිළිබඳව වන නියෝගය එළැඹෙනව 11දා ලබාදෙන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.