සෙලින්කෝ අධිපතිව සිටි ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලියා කොතලාවල මහත්මිය අද (04දා) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇය කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ලන්ඩන් සිට කටාර් හරහා ලංකාවට පැමිණ තිබිණි. සිය සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව පවසමින් එංගලන්ත ජාතික වෛද්‍යවරියක සහ ශ්‍රී ලාංකික නීතිඥවරයෙකුද සමග ඇයමෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
මූල්‍ය වංචා සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් කොටුව, අලුත්කඩේ සහ ගල්කිස්ස යන අධිකරණවලින් ඇගේ ගුවන් ගමන් තහනම් කරමින් ගුවන් තොටුපළ ආගමන විගමන අංශයට තහනම් නියෝග එවා තිබිණි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ආගමන විගමන නිලධාරීන් විසින්ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදුන් අතර, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් ගිලන්රථයක්ද ගුවන්තොටුපළට කැඳවා තිබිණි.
සිසිලි කොතලාවල මහත්මිය අවසන් වරට 2009 ජනවාරි 01 වැනිදා මෙරටින් බැංකොක් නුවරටපිටව ගොස් තිබිණි.
දීපා අධිකාරි