ඉතාලියේ සිසිලි නුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ අට දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික කොල්ල කල්ලියක් සිසිලියේ මෙසිනා නුවර කැරබිනේරි පොලීසිය විසින් ඊයේ (19දා) අලුයම අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය මගින් හෙළි කර තිබූ බව එරට ශ්‍රී ලාංකිකයෝ පෙන්වාදෙති.
ඒ සමගම ඔවුන් මංකොල්ල සිදුකිරීමට භාවිත කළ බව කියන පිහි, යකඩ පොලු හා යකඩ දම්වැල් කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත. 2011 වසරේදී මෙම කල්ලිය මෙසිනා නුවරදි ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂිකව පහරදී, ඔහු සතු මුදල් හා දේපළ කොල්ලකෑ බවට මුලින්ම එරට පොලීසියට වාර්තා වී ඇත.
හලාවත සුපුන් හංසන