මෙයට මාස කීපයකට පෙර නයිනමඩම එකම පවුලේ හතරදෙනෙකු ඝාතනය කළ නිවසේ අරක්ෂාවට සිටි මුරකරුවෙකු එම නිවසේ පොල්ලෙලි වළක මාළු ඇල්ලීම සඳහා දැලක් එලමින් සිටියදී අද (16දා) දහවල් ගිලී මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය එතලව ප්රදේශයේ පදිංචි ආර්. හේමපාල නැමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.
සිවු පුද්ගල ඝාතනයෙන් පසු එම නිවසේ හිමිකරුවන්ගේ ඥාතීන් විසින් මුරකරුවන් දෙදෙනෙකු අරක්ෂාවට යොදවා සිට ඇති බවත්, ඉන් එක් මුරකරුවෙකු මෙසේ එම පොල්ලෙලි වළේ ගිලී මියගොස් ඇතැයිද පොලීසිය කියයි.
නයිනමඩම චන්දන ප්රනාන්දු