සියලුම සිවිල් ආරක්ෂක බළකා නිලධාරිනියන්ට ඉරිදා දින නිවාඩු දිනයක් ලෙස සැලකීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ.මෙතෙක් පැවැති නීතියට අනුව ස්ථිර සේවයට ඇතුළත් වන නිලධාරිනියකට වුවද ඉරිදා දින නිවාඩු දිනයක් ලෙස නොසැලකිනි.
එහෙත් ඉරිදි දින නිවාඩු දිනයක් ලෙස සලකන ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.
මේ අනුව ඉරිදා දින අත්‍යවශ්‍ය රාජකාරියක නිරත වුවහොත් ඒ සඳහා අඛණ්ඩව දින 09ක් සේවය කිරීමෙන් පසු එක් නිවාඩු දිනයකුත්, දින 27ක් සේවය කිරීමෙන් පසු නිවාඩු දින 03 කුත් ලබාදීමට තීරණය කර තිබේ.