සිවිල් පුරවැසියන්ගේ වීරක්‍රියා ඇගයීමට ලක්කරන ජාතික විරුජන සම්මාන උලෙළ මෙම මස 15 වනදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බව එම පදනමේ ශ්‍රී ලංකා පොලීසියේ නියෝජිත නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
තම ජීවිතය නොතකා අන් ජීවිත බේරා ගැනීමට කටයුතු කළ පුද්ගලයන් මෙම සම්මාන උලෙළේදී සම්මානයට පාත්රවන බවද අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මෙම සම්මාන ප්රදානය කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.