ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආනන්ද විමලසේන මහතා, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කරන ලදී.
නව සභාපතිවරයා ඊයේ (12දා) සිය රාජකාරී ආරම්භ කළ අතර, මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.සී නිමල්සිරි මහතාද එක්විය.