සිලෝන් ටී ස්නායු රෝග නැති කරයි
ස්නායු රෝග නිවාරණය සඳහා සිලෝන් ටී ප්රත්යක්ෂ බව ලෝකයට දැනුම්දීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය එක්වී තිබේ.
එම ව්‍යාපාතියේ අධ්යක්ෂ මහාචාර්ය රනිල්ද සිල්වා සඳහන් කළේ ස්නායු විද්‍යාව පිළිබඳ පර්යේෂණයේ නිරත වන හාවර්ඩ්, ජෝජ්වොෂින්ටන්, කේම්බ්‍රිජ්, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය, නෙදර්ලන්තයේ මාස්ට්රිච් විශ්වවිද්‍යාලය, චීනයේ ෆුදන් විශ්වවිද්‍යාලය, ජපානයේ කියෝටෝ විශ්වවිද්‍යාලය ඇතුළු ලොව ඉහළ පෙළේ විශ්වවිද්‍යාල රැසකින් මහාචාර්යවරු 30 කට අධික පිරිසක් ස්නායු විද්‍යාව පිළිබඳ සත් දින ජාත්‍යන්තර වැඩමුළුවට සහභාගීවීම වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිත බවයි.
මෙමස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙන මෙම සමුළුවේදී දේශීය අපනයන භෝග ස්නායු රෝග නිවාරණය උදෙසා භාවිතයට ගැනීම වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර ඇති බවත්, ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා එක්ව සිලෝන් ටී මෙම රෝග සඳහා යොදා ගැනීම වෙනුවෙන් විශේෂ අවධානයක් ලෝක ප්‍රජාව වෙත යොමු කිරීමත් සිදුකිරීමට නියමිත බවද මහාචාර්යවරයා පැවසුවේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

