ගලේවෙල, සිල්වත්ගල මහ විදුහලේ ගණිත ගුරුවරයා හදිසියේම වෙනත් විදුහලකට මාරු කිරීමට විරෝධය පළ කරමින් එහි ඉගෙනුම ලබන දරුදැරියන් හා ඔවුන්ගේ දෙමාපියෝ අද (03දා) උදෑසන පාසල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ගලේවෙල කැකිරාව ප්‍රධාන මාර්ගය සිල්වත්ගල මංසන්ධියෙන් අවහිර කර විරෝධතාවේ නිරත පිරිස කියා සිටියේ උද්ගතව ඇති තත්ත්වය මත විදුහලේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි ලෙස බලපෑමක් එල්ල වී ඇති බවයි.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාව හේතුවෙන් ගලේවෙල - කැකිරාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.
අනතුරුව විරෝධතාව පැවති ස්ථානයට පැමිණි ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානආරච්චි මහතා විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන් මාර්ගයෙන් ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත්තේය.
ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම ස්ථානයට පැමිණි සහකාර අධ්‍යක්ෂවරයෙකු හා දෙමාපියන් අතර පැවති සාකච්ඡාවකදී දරුවන්ට සාධාරණ විසඳුමක් ලබා දෙන බවට සහකාර අධ්යක්ෂවරය පොරොන්දු වීමෙන් පසු විරෝධතාව අත්හළ පිරිස විසිර ගියහ.