පානදුර වලාන දූෂණ මර්දන ප්රහාරක ඒකකය කළ වැටලිමකීන් හොරණ නගරයේ ප්රසිද්ධ පාසලක් ආසන්නයේ හෙරොයින් විකිණූ සැකකරුවන් සිවුදෙනෙකු හෙරොයින් මිලිග්රෑම් 1410 ක් සමග ඊයේ (06දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සිල්ලර වෙළඳ සැලක් පවත්වාගෙන යන මුවාවෙන් පාසල් දරුවන්ට මත්කුඩු බෙදාහරින බවත්, විවිධ උපක්රම මගින් දරුවන් හෙරොයින් පානය සඳහා හුරුකර ගැනීමට කටයුතු කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.