සිකුරාදා හා සෙනසුරාදා දෙදින තුළ නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයෙන් පමණක් ශ්‍රී පාදස්ථානය බලා ලක්ෂ දෙක හමාරකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා පැවසීය.
මත් වතුර පානය කර හා නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදය බලා පැමිණෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිස් අධිකාරි සමන් යටවර මහතාගේ උපදෙස් මත සිවිල් පොලීස් නිලධාරින් රැසක් සථානගතකර ඇති බවත්, වන්දනාකරුවනගේ ආරක්ෂාව සලසා ඇති බවත් අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා පැවසීය.
ගාමිණි බණ්ඩාර