සිරිලිය සවිය බැංකු ගිණුම් අත්හිටුවීම හේතුවෙන් එම සංවිධානයේ මූල්‍යාධාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු මේ වනවිට මියගොස් තිබෙන බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (01දා) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පවසා තිබේ.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වූ පුණ්‍යාධාර සංවිධානයක් වන සිරිලිය සවිය නමැති රාජ්‍ය නොවන සංවිධානය දේශීය හා විදේශීය මූල්‍ය හා ද්‍රව්‍යමය ආධාර මත පමණක් කටයුතු කරන බව ඇය එහිදී පවසා ඇත.
එසේම මෙහි කටයුතු සඳහා රජයේ මුදල් හෝ දේපළ කිසිවක් භාවිතා වී නොමැති බවද රාජපක්ෂ මහත්මිය සඳහන් කර තිබෙන බව වාර්තා වේ.