සිරියාවේ ඇලෙප්පෝ නගරයේ, නැගෙනහිර නගර සීමාවේ පවතින ගැටුම් හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉවත්කිරීම සඳහා පැනවූ තාවකාලික සටන් විරාමය දිනක් ගත වනවිට අවසන් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
රජයේ හමුදා සහ කැරලිකාර හමුදා අතර පවතින සටන්වලට මැදිවී සිටින සාමාන්‍ය වැසියන් ඉවත්කර ගැනීම සඳහා අඟහරුවාදා දිනයේදී මෙම තාවකාලික සටන් විරාමය ආරම්භ කරන්නට විය.
රුසියාවේ සහ තුර්කියේ මැදිහත් වීමෙන් මෙම සටන් විරාමය පැණවීමට කටයුතු කර තිබූ අතර, සාමාන්‍ය ජනතාව සමග කැරලි හමුදාවන් හා ඔවුන්ගේ තුවාල වූ සෝල්දාදුවන් ඉවත්වීමක් සිදුවන බවට සිරියානු රජය මැසිවිලි නඟා තිබුණි.
කෙසේ වෙතත්, අද දිනය වනවිට යළි සටන් ඇවිලී ගිය බවත්, කැරලි හමුදාවන්ගේ ෂෙල් ප්‍රහාර මෙන්ම, කැරලි හමුදා වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින්ද නගර ගිගුම් දුන් බව සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පවසයි.
නැගෙනහිර ඇලෙප්පෝ නගරයේ බලය 2012 වසරේ සිටම කැරලි හමුදාව යටතේ පැවතියත්, රුසියානු ගුවන් හමුදාවේද සහාය ලබමින් සිරියානු හමුදා මෙම මෙහෙයුම ආරම්භ කිරීමත් සමග මේ වනවිට කැරලි හමුදා ඉතා කුඩා භූමි භාගයකට කොටුවී සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.