සිරියාව විසින් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළේ යැයි යන සිදුවීම පදනම් කරගෙන ඇමෙරිකාව සිරියාවේ ගුවන් කඳවුරක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පෙන්ටගනය සඳහන් කළේ ටොමෝහෝක් වර්ගයේ කෘස් මිසයිල 50ක් පමණ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ඇති ඇමෙරිකානු යුද නෞකාවක් විසින් එල්ල කළ බවයි.
මෙම මිසයිල ප්‍රහාරයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැති අතර, රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ට්‍රම්ප් පවසා සිටියේ සිරියානු යුද්ධය අවසන් කිරීමට සියලු ආකාරයේ සිවිල් රාජ්‍යයන් එක්විය යුතු බවයි.
සිරියාවේ, ඉඩ්ලිබ් ප්‍රාන්තයේ, ඛාන් ෂෙයික්හෝන් නගරය ඉලක්ක කරමින් සැකසහිත රසායනික අවියක් එල්ල කළ බවත්, එය සිරියානු විරුද්ධ සටන් කණ්ඩායම් වෙසෙන පළාතක් නිසා මෙය සිරියානු රාජ්‍ය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවත් ඇමෙරිකාව ප්රමුඛ බටහිර චෝදනා කළේය.
මෙම රසායනික ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු සාමාන්‍ය වැසියන් මිය ගිය බව පැවසුණු අතර, එහි විවිධ රූප රාමුද විදෙස් මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරිණි.
මෙම රූපවාහිනී සාකච්ඡාවේදී ට්‍රම්ප් විසින් සිරියානු නායකයා ඒකාධිපතියෙකු ලෙස හැඳින්වූ අතර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේ අසාද්ට සිරියාව පාලනය කිරීමේ කිසිදු ආකාර අයිතියක් නොමැති බවයි.