සිරිකොතට ලැබුණු පැමිණිලි විමර්ශනය කරයි
- 3 12 2015
- 20:05
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
පසුගිය කාලයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා පත්කළ සිරිකොත දේශපාලන පළිගැනීම් කමිටුවට ලැබී තිබෙන පැමිණිලි විභාග කිරීම අද සවස සිට ආරම්භ කර තිබේ.
මෙම කමිටුවට පැමිණිලි 31,897 ක් ලැබී තිබෙන අතර, එම පැමිණිලිවලින් පැමිණිලි 6000 ක් විමර්ශනය කිරීම බන්ධානගාර ප්‍රතිසංස්කරණ, පුනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට පවරා ඇත.
මේ අනුව එම අමාත්‍යාංශයේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පැමිණිලි විභාග කිරීම ආරම්භ කෙරිණි.
පැමිණිලි විභාග කිරීම ත්‍රි පුද්ගල කමිටුවක් විසින් කරනු ලබන අතර එම කමිටුවේ සභාපතීත්වය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාට ලබාදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
