දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිරකරුවන් පිරිසක් ආරම්භ කරන ලද උපවාසය අත්හැර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස උපවාමය අත්හරිව බව ඔවුන් ප්‍රකාශකර තිබේ. විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අද(17)වැලිකඩ සිරගෙදරට පැමිණ ජනාධිපතිවරයාගේ මෙම තීරණය දැනුම් දී තිබේ