68 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව සුළු වැරදි යටතේ බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් 606ක් ජනපති සමාව යටතේ අද (04දා) නිදහස් වෙන බව බන්ධනාගාර කොමසාරිස් නිසාන් ධනසංහ මහතා පැවැසීය. දිවයින පුරා තිබෙන බන්ධනාගාරවල සිටින සිරකරුවන් පිරිසක් මෙසේ නිදහස ලැබීට නියමිත අතර එය පෙ.ව. 10.30ට සිදුවේ.