ත්‍රිකුණාමලය රක්ෂිත බන්ධනාගාරයේ සිරමැදිරියක් තුළදී ඊයේ (12දා) රාත්‍රියේ රැඳවියෙක් සියදිවි හානිකර ගෙන ඇතැයි වරාය පොලීසිය පවසයි. මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ, තඹලගමුව, තෙලෙඟු නගර් පදිංචි කේ.පරමේෂ්රන් (අවු.30) නැමැත්තෙකි.
මරණකරු සොරකම් සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලීසිය හා බන්ධනාගාරය පරීක්ෂණ ආරම්භකර තිබේ.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව