සියලුම ධීවර වරායන් සුදානම් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
යුරෝපා සංගමය විසින් පනවා ඇති යුරෝපා රට වලට මාළු අපනයනය කිරීමේ තහනම ඉවත් කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා එම සංගමයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඉදිරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවට පැමිණෙන එම යුරෝපා නියෝජිත කණ්ඩායම ධීවර වරායන් ආශ්‍රිතව සංචාරය කර ධීවර වරායන්හි කටයුතු පිළිබඳ අධ්‍යයනයක නිරත වීමට නියමිතව ඇත.
එබැවින් යුරෝපා නියෝජිතයින්ගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ යුතුව ඇති බැවින් එම කටයුතු නිසි පරිදි සිදුකළ යුතු බව දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.