වෙසක් සමය පුරාවට දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්ස් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ආහාර විෂවීම හේත්වෙන් ඇතිවිය හැකි රෝගී තත්ත්වයන්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් මෙම තීරණය ඔවුන් ගෙන තිබේ.
කෙසේ වෙතත් කිසිඳු දන්සලක් ලබාදීම අධෛර්යමත් නොකරන බවත් දන්සල් පරීක්ෂා කිරීමට කටයුතු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදුකරන බවත් එම සංගමය සඳහන් කරයි.
සංගමය ලබාදෙන උපදෙස් පිළිනොපදින දන්සල් සඳහා නියෝග නිකුත් කිරීමටත් ඉන් නොනැවති නීති මගින් කටයුතු කිරිමටත් සංගමය වැඩිදුරටත් අවධානය යොමුකර ඇත.