"රටේ සිදුවූ සියලු වැරදි වලට පසුගිය ආණ්ඩු වගකිව යුතුයි. ගොවියා සැබෑම රජෙකු බවට පත් කිරීම ගොවියා මානසිකව හා ආර්ථිකව ශක්තිමත් කළ යුතුයි. එය සහනාධාර ලබාදීමෙන් පමණක් සිදු කළ නොහැකියි. අස්වැන්න වැඩි කර ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීම තුළින් ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි" යැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
එසේම හරිත විප්ලවයේ සිට ස්වේත විප්ලවය කරා ගමන් කිරීම කෘෂිකර්ම අමාත්‍යංශයේ මීළඟ ඉලක්කය බවද ඔහු කීවේය.
වී වගාව ස්ථාපනය කිරීමට තවාන් තැටි භාවිතයෙන් පැරිෂුට් ක්‍රමය හා යාන්ත්‍රික පැළ සිටුවන භාවිතය ප්‍රචලිත කිරීම පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අමතමින් අද (06දා) අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.