පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබූ සියලු පාසල් හෙට (23දා) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එමෙන්ම ගංවතුරට හසුවී විනාශ වී ගිය විභාග සහතික කඩිනමින්යළි ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් විභාග සහතික පත් නැවත අයදුම් කිරීමට ආපදාවට ලක්වූවන්ට හැකියාව පවතින බවත්,ආපදාවට ලක්වූ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් හා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සම්බන්ධීකරණය කරමින් අදාළ සහතික පත් ඔවුන් අතටම පත් කිරීමේ ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.