ලබන වසරේ සිට සියලුම ධීවර යාත්‍රා ONLINE ක්‍රමයට ලියාපදිංචි කිරීමට කටයුතු කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (21දා) ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.
දැනට ධීවර යාත්‍රා ලියාපදිංචි කිරීම වාර්ෂිකව ධීවර අමාත්‍යාංශයෙන් සිදුකරන අතර මේ හේතුව නිසා දුරබැහැර සිට පැමිණෙන ධීවරයන් ගැටලු රැසකට මුහුණදෙන හෙයින් නව ක්‍රමය අනුගමනය කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව 2018 වසරේ සිට ONLINE ක්‍රමයට සෑම වසර දෙකකට වරක් ලියාපදිංචි කිරීම සිදුකර ගත යුතු අතර අලුතින් මිලදී ගන්නා ධීවර යාත්‍රා වසර 5කට වරක් ලියාපදිංචි කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.