ලංකාව පුරාම හදිසි විදුලි බිඳවැටීම පිළිබඳව වහාම සොයා බලා හෙට (25දා) දහවල් 12.00 ට පෙර වාර්තාවක් ලබාදෙන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විදුලි බලමණ්ඩලයට නියෝග කර තිබේ.
විදුලිය බිඳවැටීම මේ වනවිට 75෴කට ආසන්න ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්කර තිබෙන බවත්, ඉතිරි ප්‍රමාණයද කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩල සේවකයන් කටයුතු කරමින් සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.