තම දරුවන් තිදෙනා සමග දුම්රියට පැන සියදිවි හානි කරගැනීමට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව අනුරාධපුර පොලීසිය සඳහන් කරයි.
ඊයේ (14දා) දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගයට නුදුරින් කාන්තාවක් දරුවන් තිදෙනෙකු සමග දුම්රිය මාර්ගයේ වාඩි වී සිටින බවට ලද තොරතුරකට අනුව එම කාන්තාව හා දරුවන් තිදෙනා පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.
මෙම කාන්තාවගේ සැමියා නීතිවිරෝධී ලෙස ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතර,සැමියා බැලීමට ගොස් පැමිණෙන අවස්ථාවේ මෙසේ ඇයසියදිවි හානි කරගැනීමට තැත්කර තිබේ. ස්වාමියා නිදහස් කරදෙන ලෙසත්, තමන් දැනට දවස් ගණනාවක් නිරාහාරව සිටින බවත් සඳහන් කළ පුවරුවක්ද ඇය සතුව තිබී සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 32ක ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ පදිංචිකාරියක වන අතර, දරුවන් තිදෙනා අවුරුදු 01, 03 සහ 08 වයස්වල පසුවෙති.