"සිය දින මෙහෙයුම අභියෝගයක් බවත්, එය ඉටුකිරීමට දිවා රෑ නොබලා කටයුතු කරනවා" යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
දින වකවානු නොව කරන දේ පිළිබඳව අවධානය කරන්නැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
සිය කතාවෙන් පසුව අතුරු අය වැය ඉදිරිපත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
ඒකාධිපතිවාදය මෙන්ම පවුල්වාදය අවසන් කළ බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
මූල්‍ය විනය අන්තිමටම පිරිහී ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.
කැසිනෝ සම්බන්ධයෙන් ක්‍රමෝපාය සංවර්ධන පනත වෙනස් කිරිමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ සියලු කටයුතු සඳහා විපක්ෂයේ සහාය අවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය.