තමන් සැලසුම් කළ පරිදිම මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකරන තාප්පය ඉදිවන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහතික වෙයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ කන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරී කොංග්‍රසය අමතමිනි.
එහිදී, ජනාධිපතිවරයා අවධාරණය කළ සිටියේ තමා සෑම විටම ඇමෙරිකානු ජනතාව ඉදිරියේ තබමින් කටයුතු කරන බවත්, මේ දැවැන්ත දේශසීමා තාප්පය ඉදිකරන බවත් සපථ කළේය.
එමෙන්ම, තම රට තුළින් නරක මිනිසුන් නෙරපා දැමීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බවද ඔහු පොරොන්දු විය.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අවස්ථාවට පැමිණෙන විට යූ.එස්.ඒ... යූ.එස්.ඒ... යූ.එස්.ඒ... යනුවෙන් කෑමොර දෙමින් ජනතාව ප්‍රීතිඝෝෂා නැගූ බවද විදෙස් වාර්තා පවසයි.
වාර්ෂිකව පැවැත්වෙන මෙම සැසිවාරය මේරිලෑන්ඩ් හිදී ට්‍රම්ප් විසින් මෙවර අමතනු ලැබීය.
"අපි තාප්පය ඉදිකරනවා." සිය කථාවේ මූලික කොටසේදීම ඔහු පවසා සිටියේය.
එහිදී, මේ කාර්යය ඉතාම ඉක්මණින් අප අරඹනවා. සමහරවිට සැලසුම් කළාටත් වඩා කලින්. එය බොහෝ ඉක්මණින් ආරම්භ වේවි.."
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ අභ්‍යන්තර ආරක්ෂක ලේකම් ජෝන් කෙලී මෙක්සිකෝ සිටි හිදී මෙක්සිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් මුණගැසී සාකච්ඡා කිරීමෙන් දිනකට පසුව ට්‍රම්ප් මෙම අදහස් දැක්වීම සිදුකළේය.