සිතුල්පව්වේ ගැමුණු ඇතු ඊයේ (05දා) සවස කිඹුලෙකුගේ ප්‍රහාරයකට ගොදුරු වී ඇති බවත් ඇතගේ පුරුෂ ලිංගයේ කොටසක් එම ප්‍රහාරයෙන් වෙන්වී ඇති බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.
ඇතාගේ තත්ත්වය බරපතල බවට වාර්තා වෙන අතර පශූ වෛද්‍යවරුන් ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ. ගැමුණු අර්ජුණ නමින්ද හඳුන්වන අතර ශ්‍රී ලංකාවේ සිටින විශාලතම දළ යුගළ සහිත ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙක් වන්නේද ගැමුණුයි.
සිතුල්පව්ව විහාරයේ දානය ලබාගැනීම සඳහා ගැමුණු නිරන්තරයෙන් විහාරයට පැමිණෙයි. සිතුල්පව්ව වැවේ සිටියදී ඇතා මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර ඉන් පසුව ඔහු වේගයෙන් වනයට දිවගොස් තිබේ.