සිගිරිය අභය භූමියේ විශාල ඉඩම් ප්රමාණයක් හෙළි පෙහෙළිකොට සංචාරක හෝටලයක පාවිචියට ලබාගත්තා යැයි චෝදනාව යටතේ සීගිරිය ප්රදේශයේ සංචාරක හෝටලයක කළමනාකරුවෙකු ඊයේ (12 දා) සීගිරිය වනජීවී නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණ නියෝගයක් මත මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
සීගිරිය ප්රදේශවාසීන් හා රජයේ නිලධාරීන් කියා සිටියේ මෙම ඉඩම් කොල්ලය සඳහා වනජීවී නිලධාරීන් මේ හෝටල් සමාගමේ පහළ සුළු සේවකයන්ට නඩු පවරා තිබු බවයි. පසුව අධිකරණය තුළින් මහා පරිමාණ රජයේ ඉඩම් අත්පත් කර සංචාරක හෝටල් කර්මාන්තයට යොදා ගැනීම පිළිබඳව ලබාදුන් නියෝග අනුව කළමනාකාරවරයා වනජීවී කණ්ඩායමක් ගොස් රැගෙනවිත් ඇත.