සීගිරියේ බිතු සිතුවම් ගුහාවේ සංරක්ෂණ කටයුත්තක් සඳහා එහි බදාම තට්ටුවල සෙලෝටේප් එකක් අලවා නැවත එය ගැලවීමේදී සීගිරි බිතු සිතුවමේ කොටසකට හානි සිදුවූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඊයේ (23දා) දින නියෝග කර ඇතැයි අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරයා පැවසීය.
මෙවැනි දෙයක් එහි සිදුවී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා අද (24දා) සීගිරියට ගිය අවස්ථාවේ පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීහු ගුහාව ඇතුළත ඡායාරූප ගැනීම හා වීඩියෝ ගත කිරීමට ඉඩ ලබානොදුන්හ. කෙසේ වෙතත් චිත්‍ර ගුහාව තුළ වැටී තිබූ සෙලෝටේප් කැබැල්ලක් සොයාගැනීමට හැකිවිය.