බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළවලට එරෙහිව ගෙනයන ක්‍රියාමාර්ග තවත් වැඩි කිරීමට වත්මන් රජය පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. සිගරට් කර්මාන්තයෙන් අය කරන බදු ප්‍රමාණය 90% දක්වා වැඩි කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සැසිවාරය සදහා සහභාගි වෙමින් සේනාරත්න මහත මේ බව පැවසීය.
මෙම සමුළුව පසුගිය 18 - 19 යන දෙදින පැවැති අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.