සිගරට් පැකැට්ටුවේ 50%-60% ප්‍රමාණයක් ආවරණය වන පරිදි රූපමය අවවාද එක්කිරීමට අවශ්‍ය අවසරය සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත අභියාචනාධිකරණය විසින් අද (12දා) ලබාදුන්නේය.
ජනපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම දුම්වැටි දවටනවල 80%ක් ආවරණය වන පරිදි රූපමය අවවාද එක්කිරීමට අදාළව ඒකමතිකව සම්මත කළ ගැසට් නිවේදනයට එරෙහිව දුම්කොළ සමාගම් ගොනු කළ පෙත්සමේ අවසන් තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය ඉහත නියෝගය ලබාදුන්නේය.