සිගරට් හා දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් තුළ පින්තූර මගින් සෞඛ්‍ය අවදානම් පළකිරීම අනිවාර්ය කරමින් රෙගුලාසි 03 ක් ඊයේ (19දා) පාර්ලිමේන්තුව තුළ සම්මත විය.
ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනත යටතේ මෙකී රෙගුලාසි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කොට ඇත. මේවාට අනුව දුම්කොළ හා සිගරට් පැකට්වල දුම්බීමේ සෞඛ්‍යමය අවදානම පින්තූර මගින් ඉදිරිපත් කළ යුතුය.