සිංහලේ සංවිධානයේ කාර්යාලට ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට මරණ තර්ජන සිදු කිරීම හා කාර්යාලයේ සම්පත්වලට රුපියල් 31000ක පමණ අලාභයක් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ජුනි (12දා) මෙම සිදුවීම සිදුව තිබේ. යක්කල පිහිටි එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සභාපති වූ තුෂාර සාලිය රණවක මහතාගේ බිරිඳට හා දරුවන්ට මරණ තර්ජන කර කාර්යාලයට අලාභහානි සිදුකර තිබුණි.
යක්කල පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් අනුව කරනු ලැබූ විමර්ශන වලදී රාජගිරය සද්ධරමරාජික විහාරයේ වැඩවෙසෙන ජඹුරේවල චන්ද්‍රරතන හිමි, කන්දෙගම සුමේධ වංසාලංකාර හිමි, පල්ලෙබැද්දේ ප්‍රේමාලෝක හිමි, පන්නිපිටියේ පදිංචි අබේවර්ධන බණ්ඩාර, අම්බලන්ගොඩ සුමේධ සුරවීර, ඔබේසේකරපුර පදිංචි ප්‍රගීත් උදයංග පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.
සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන පසුව 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එදිනට ස්වාමීන්වහන්සේලා හා සෙසු සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතය.