වර්තමානයේ රට තුළ අසන්නට, දකින්නට, කියවන්නට තිබෙන දෑ දුටුවිට ඒ පිළිබඳව කතා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (10දා) දඹුල්ල රාජමහා විහාරීය මැද පන්සල සංවිධානය කර තිබූ නා හිමියන් පිළිගැනීමේ උත්සවයකදීය.
වැසියන් සුවපත් කිරීම සඳහා මහා සංඝරත්නය ඉදිරිපත් විය යුතු බවත්, වර්තමානයේදී පාසලකට දරුවෙකු ඇතුළු කිරීමේදී පවා මුදල් ඇති අයට හා ගමේ දුප්පත් පිරිසට වෙනසක් තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
එසේම රටේ සිංහලයන්ට කුමක් සිදුවූයේදැයි විමසිල්ලෙන් බලා සිටින බවද නා හිමියෝ පැවසූහ.