එක්සත් ජාතික පක්ෂය විසින් පසුගියදා කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වූ විරෝධතාවයේදී ජනතාව දැඩි පීඩාවට පත්වු බව සදහන්කරමින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ‘‘සිංහල රාවය’’ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුහ. පසුගියදා තම සංගමය මගින් කළුතරදී කළ විරෝධතාවකට එරෙහිව පොලිසිය තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල බවත් උන්වහන්සේ මෙහිදී පැවසුහ
.