සිංහල ජනයා අඩියක්නම් දෙමළ ජනයා අඩි දහයකින් ඔබ සමග
සිංහල ජනයා දෙමළ ජනයා සමග අඩියක් ඉදිරියට තබන්නේනම් ඒ වෙනුවෙන් අඩි 10ක් ඉදිරියට තැබීමට දෙමළ ජනයා සූදානම් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා අද(05) පැවසීය.
පළමුවරට අද යාපනය නාගවිහාරයට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා නාගවිහාරවාසී භික්ෂුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ජාතික ගීය දෙමල බසින් ගායනාකිරීම පිළිබද ඔහුගේ සතුට ඵලකළේය.
එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ කීය
වෙච්චදේවල් අපිට හරි සතුටුයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීතය ගායනාකරපු එක ගැන බොහොම සන්තෝසයි. ඒක පොඩි දෙයක් උනාට දැන් ලංකාවේ සිංහල දෙමල මිනිස්සුන්ගේ සහෝදරත්වය පිළිගන්නා බවට හැමදේම වෙනස් වෙනවා. අපේ ඒ අදහස ඵලකරන්න මම නාගදීපේ හාමුදුරුවන්ව හමුවෙන් ආවා. මම එකක් කියන්න සතුටුයි. සිංහල ජනතාව අපිව බලා අඩියක් ගත්තොතින් දෙමල ජනතාව අඩි දහයක් අරගෙන ඔගොල්ලන් එක්ක ඉදිරියට එනවා කියලා මම කියන්න සතුටුයි.
යාපනයේ නාගදීපයේ ආගමික වාතාවත්හි නිරතවන මහඇමති
ඡයාරූපය - බීබීසී සිංහල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

