සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂනායක වරයෙකු කරන සියලු දේම කරන බව නව විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.
අද ඔහු අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස පත්විය. ඉන් අනතුරුව බි.බී.සී. සිංහල සංදේශයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"රට බෙදන්නේ නෑ. රට බෙදනවට අපි විරුද්ධයි. අපි ඒකට කැමති නෑ. බෙදන කතා ඕන නෑ. මේ ප්රශ්නයට ඔක්කොටම එකතුවෙන්න පුළුවන් තීන්දුවක් ගේන්න ඕන." යැයි ඔහු පැවැසීය.