සිංහරාජයේ අලි දෙදෙනා ඉන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව නවතා දමන ලෙස අමාත්‍යාංශ මට්ටමින් තමන් වෙත උපදෙස් ලැබී ඇතැයි වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජි.සී. සූරියබණ්ඩාර මහතා 'අද'ට පැවසීය.
හෙතෙම සඳහන් කර සිටියේ, අලි දෙදෙනා සිංහරාජයේ තවදුරටත් තබා ගන්නවාද, නැද්ද යන්න සඳහා මූලික සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාලය ලබා ගැනීම සඳහා මෙලෙස එම සතුන් ඇල්ලීමේ කටයුතු තාවකාලිකව නවතා දැමූ බවයි.