සිංහරාජ වනාන්තරයේ සිටින අලි දෙදෙනා ඇල්ලීමෙන් අනතුරුව ඔවුන් හොරොව්පතාන අලි අනාථාගාරයට රැගෙන යන බවත් නැවත මාස දෙකක් තුළ ඔවුන් දෙදෙනා සිංහරාජ වනාන්තරයේ වෙන් කළ ප්‍රදේශයකට මුදා හරින බවත් වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
ඊයේ (15දා) කැකිරාවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළ අතර අද දිනයේ සිට නැවතත් අලින් ඇල්ලිමේ මෙහෙයුම් ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළේය.
වනජීවී අමාත්‍යාංශයට අනියුක්ත පශු වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත ව සිටි හෙයින් තමන් මුලින්ම ගුවන් හමුදාවේ පශු වෛද්‍යවරුන් දෙදෙනෙක් කලවානට ගෙන්වා ගත්ත්ත් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් අනුව ඔවුන් ආපසු ගිය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව තම නිවසේ සිටින සුනඛයාට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරයාට කලවානට එන ලෙස සඳහන් කළ බවත් ඔහු තවත් පශු වෛද්‍යවරයෙක් සමග කලවානට පැමිණි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නමුත් ඊයේ නැවතත් වනජීවී අමාත්‍යාංශයේ නිලධාරීන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවත් අමාත්‍යාවරයා සඳහන් කළේය.