සිංහරාජ වනඅලින් දෙදෙනා එම ප්රදේශයෙන් රැගෙන යෑමේ මෙහෙයුම් අතරමග නතර කිරීමට විරෝධය පා රක්වාන කජුගස්වත්ත ප්රදේශවාසීහු පිරිසක් අද (18දා) රක්වාන පොතුපිටිය මාර්ගයයේ කජුගස්වත්ත ප්රදේශයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම අලින් දෙදෙනා තම ගම්මානවල සැරිසැරීම හේතුවෙන් එදිනෙදා කටයුතුවලට දැඩි තර්ජනයක් ඇති බවත් මේ වන විට එම අලි දෙදෙනා මිනිස් ජීවිත පහළොවක් මරා දමා ඇති බවත් දහසය වැනි මිනිස් බිල්ල ගැනීමට පෙර එම සතුන් දෙදෙනා මෙම ප්රදේශයෙන් ඉවත් කරන ලෙසටද රජයට බල කර සිටියහ.
වනජීවී ඇමැතිවරයා ගත් තීරණය එහිදී පැසසුමට ලක්වූ අතර එම තීරණය ක්රියාත්මක කිරීමට වනජීවියට නැවත අවසරය ලබාදෙන්නැයි එහිදී විරෝධතාකරුවෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
කසුන් දර්ශන