සිංහරාජය නිජබිම කරගත් සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනා ඉන් ඉවත් කිරීමක් සිදු වුවහොත් ලෝක උරුමය ලයිස්තුවෙන් සිංහරාජය ඉවත් කිරීමට සිදුවන බවට යුනෙස්කෝ සංවිධානය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දි ඇතැයි 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.
උන්වහන්සේ පෙන්වා දුන්නේ අදාළ අලි දෙදෙනා සිංහරාජයෙන් ඉවත් කිරීම ලෝක උරුම රෙගුලාසිවලට පටහැණි වන බවට යුනෙස්කෝ සංවිධානය විසින් දක්වා ඇති බවයි.
කෙසේ වුවද අලි දෙදෙවා සිංහරාජයෙන් ඉවත් කිරීම සඳහා මේ වන විට නිලධාරීන් පිටත් කර යවා ඇති බවට වාර්තා වන අතර මෙම කරුණු සම්බන්ධයෙන් විමසීමට වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගැනීමට &අද* උත්සාහ දරුවද එය ව්‍යර්ථ විය.