තෙදින නිල සංචාරය ආරම්භ කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූන් මහතා ඇතුළු දූත පිරිස අද (22දා) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
මෙම පිරිස සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 303 දරන ගුවන් යානයෙන් කටුනායකට ළඟා වූහ.
සිංගප්පූරු රාජ්‍ය නායකයෙකු වසර 13 කට පසුව ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයකි. මෙම සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස 35 දෙනෙක් පැමිණ සිටිති.
මෙම පිරිස පිළිගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා දූත පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.