ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පැණිබීම අඩංගු සීනි ග්රැමයකට සත 50 ක බද්දක් අයවැය මගින් යෝජනා කළ බවත් මෙම නිර්දේශ ඉදිරිපත් කළේ පර්යේෂණයක් සිදු කිරීමෙන් අනතුරුව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
බදු අය කිරීම තුළින් පැණි බීම වර්ගවල මිල ඉහළ ගොස් තිබෙන අතර මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත් පාසල් ආපනශාලා වල අලෙවි කරන ආහාර පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී "දරුවන්ට ලබාදිය යුතු ආහාර පිළිබඳව චක්‍රලේඛ නිකුත් කර ඇතත්, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. සීනි, මේදය සහ ලුණු ආහාර අඩංගු ආහාර දරුවන්ට ලබාදීමෙන් වැළකිය යුතුයි. දෙමාපියන්ට වඩා දරුවන් යහමග යැවීම හරිම පහසුයි. වැඩිහිටියන් සිටින්නේ විවිධ මතිමතාන්තර වලයි. දරුවන්ගේ සිත නිරවුල්ව තිබෙනවා." ලෙසින් අමාත්‍යවරයා අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් චමිපිකා වික්‍රමසිංහ මහත්මිය, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, පාසල් සිසුන් එක්ව සිටියහ.