සෑම පාසලකම මත්ද්‍රව්‍ය විරෝධී කමිටුවක් පිහිටුවා පාසල් වයසේදීම මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව දරුවන්ට අවබෝධ කරදීමට කටයුතු කරන බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසීය. ඒ සඳහා පාසල් 100ක් තෝරාගෙන ඇති බවද ඒමහතා වැඩිදුරටත් පැවසීය.