සෑම ප්‍රධාන නගරයකම පිහිටි සතිපොළවල් සංවර්ධනය කිරීමට වැඩපිළිවෙළක්
දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම පිහිටි සතිපොළවල් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට වැඩපිළිවෙළක් සකසා ඇතැයි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නගර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඒ.එම්. වීරසේන මහතා පැවසීය.
මහජනයාට අවහිර වන සේ අක්‍රමවත්ව පවත්වාගෙන යන සතිපොළවල් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන, ඒවා වැඩිදියුණු කර යළි අදාළ පළාත් පාලන ආයතනවලට පැවරීමට මෙහිදී සිදුවන බව වීරසේන මහතා සඳහන් කළේය.
මේ යටතේ දෙල්කඳ, පාදුක්ක, ඇඹිලිපිටිය යන නගරවල සතිපොළවල් සංවර්ධනය කර මහජනයාට පවරා ඇතැයිද හෙතෙම කීය.
නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් දායකත්වය ලබාදෙමින්, නගරයේ අලංකාරය සුරැකෙන පරිදි සැලසුමකට ඒවා ඉදිකරන බවත්, ඒ සඳහා දේශීය නිර්මාණකරුවන්ගේ දායකත්වය ලබාගන්නා බවත් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

