කාන්තාවන්ට සූතිකාධාර නිවාඩුව සියලුම දරුවන්ට ප්රතිලාභ ලැබෙන පරිදි සූතකාධාර පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊයේ (06දා) ලැබුණි.
උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
එම යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මලික් සමරවික්‍රම මහතා,
“කාන්තාවන්ට සූතිකාධාර ප්රතිලාභ ලබාදී තිබුණත් ඒවායේ පවතින විෂමතා නිසා ගැටලු ඇතිවි තිබෙනවා. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රතිපත්ති අනුව අපි කටයුතු කරනවා. මෙතෙක් එම ප්රතිලාභ ලැබුණේ දරුවන් සංඛාවය අනුවයි.
සති 12ක ප්‍රසුත නිවාඩුව දරුවන් දෙකකට සීමා වුණා. තුන්වන හෝ ඊට වඩා දරුවන් ලැබූ අවස්ථාවල නිවාඩුව ලැබෙන්නේ ඉන් අඩක් පමණයි. නමුත් සියලුම දරුවන්ට සමානව සලකා සියලුම දරුවන්ට ප්‍රතිලාබ ලැබෙන පරිදි පනත සංශෝධනය කරනවා. හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා මේ වෙනුවෙන් කැපවී තිබුණා.
රජයේ නිවාඩු හා සෙසු නිවාඩු හැර දින 84ක් ලබාදෙනවා. දරු උපතකින් පසුව සති 10ක කාලකින් පසුව වුවත් නිවාඩු ලබාගැනීමේ අවස්ථාව හිමිවෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධාන පනත අනුව ප්‍රසුත නිවාඩු කාලය තුළ වැටුප් වේතන ලබාදිය යුතුයි. එම අයිතිය සෑම කාන්තාවකටම හිමිවිය යුතුයි. කාන්තාවන් සේවයේ යොදවා ඇති සේවා යෝජකයින් ඒ අනුව කටයුතු කළ යුතුයි.
ගර්භිණී කාලය තුළ කාන්තාවන්ට රක්ෂණාවරණයක් ලබාදීම සඳහා අප අමාත්‍යාංශය කටයුතු කරගෙන යනවා. රජය ඉදිරියෙදී ඒ සඳහා සුදුසු අරමුදලක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. සූතිකාධාර පනතෙහි දිගුකලක් තිස්සේ පැවති මේ වැරදි දෙක අපි නිවැරදි කරනවා.”යනුවෙන් පවසා සිටියේය.