වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය විසින් ගාලු මුවදොර හෝටලයේ අද (16දා) පෙරවරුවේ සංවිධානය කර තිබූ සැසිවාරයකට විරෝධය පළ කරමින් වසවිස විරෝධී ජාතික ව්‍යාපාරය එම හෝටලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.
අද පෙරවරු කාලයේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම සැසිය ඇමතූ අතර සවස්වරුවේ ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වීමටද නියමිතය.
වසවිස විරෝධී ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් සඳහන් කළේ, කෘෂි රසායන අලෙවි සමාගම් සමග සාකච්ඡා කිරීමට රජය මෙම සැසිවාරය සංවිධානය කර ඇති බවයි.
කෘෂි රසායන සමාගම්වල අධ්යක්ෂ තනතුරු දරන මහාචාර්යවරුන් විසින් එහිදී දේශන පවත්වා තිබෙන බවද ඔවුහු පවසා සිටියහ.
ඡායාරූප-ඉසුරු පෙරේරා